ජෝඩු කිවුවාට එක එක ජෝඩු අපේ රටේ ඉන්නවා. සමහර ජෝඩු එකතු වෙලා එකට හොරකම් කරනවා. සමහර ජෝඩු එකතුවෙලා එකට ව්‍යාපාර කරනවා. සමහර ජෝඩු චිත‍්‍රපට හදනවා. දශක තුනකට වැඩි කාලයක් නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ දුක්කම් කටොලූ විඳ දරා ගත් තවත් ජෝඩුවක් හා හා පුරා කියලා වේදිකා නාට්‍යයක් කරළියට ගේන්න දරන උත්සහයක් ගැන අපට ආරංචි වුණා. ඒ දෙන්නා තමයි ඔබ හොඳින්ම දන්නා සම්පත් තෙන්නකෝන් හා රත්නා ලාලනී ජයකොඩි දෙපළ. දෙසීය තුන්සීය නමින් හා හා පුරා කියලා රංග ගත කරන්න සුදානම් වන මේ නාට්‍ය නිර්මාණය සෝවියට් ලේඛක Twenty
Minutes with an Angel රචනා කළ ,Alexender Vampilov.. සහ "An Incident with a Paginator'', යන කෙටි නාට්‍ය දෙක ආශ‍්‍රයෙන් සිංහලට පරිවර්තනය කළ නිර්මාණයක්. දෙසීය තුන්සීය නාට්‍යයේ පරිවර්තන සත්කාරයට දායක වෙන්නේ අපේ රටේ ඉන්න වේදිකා තරුවක්. ඔහු තමයි ජයලත් මනෝරත්න.
පසුගිය දවසක හැන්දෑ යාමේ මමත් ඡුායාරූප ශිල්පී වින්ඳුලත් සැන්දෑ අසිරිය අරගෙන සම්පත්ගෙයි රත්නාගෙයි කුළුදුල් නිර්මාණ වෑයමේ පෙර පුහුණුවීම් බලන්න සේන්දු වුණා. ඒ වෙනකොට අපි දන්න කියන මුහුණු ගණනාවක් වැඬේ එක්ක ඒකාත්මික වෙලා ඉන්නවා. අපේ පැමිණිමත් එක්ක කරමින් සිටි රංගනය මදකට නතර කරපු සම්පතුයි රත්නයි ‘දෙසීය තුන්සීයේ මාධ්‍ය ආවරණයට’ පැමිණි ඔබ දෙපළ බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා කියලා හිස නමලා අපට ආචාර කළා. සම්පතුයි රත්නයි ඒත් දිගටම රංගනයේ නිරතවෙනවා. හවස් වරුවෙම මේ කටයුත්තේ යෙදී ඉදපු වෙහෙසකර මුහුණු වලින් මේ කටයුත්තේ තිබෙන දුෂ්කර බව හඳුනාගන්න ඒ තරම් අමාරු නැහැ.
දෙසීය තුන්සීය කියන්නේ කාමර දෙකක කතාවක්. විවේක කාලයට කලින් දෙසීය කාමරයේ වෙන්නේ මොනවා ද කියලා ඔබට නැරඹිය හැකියි. විවේක කාලයෙන් පස්සේ තුන්සිය කාමරයේ වෙන්නේ මොනවද කියලා නැරඹිය හැකියි.
ඔයාලා මුලින්ම කැමැති දෙසීය කාමරයේ මෙනවද වෙන්නේ කියලා බලන්න ද? තුන්සිය කාමරයේ මොනවද? වෙන්නේ කියලා බලන්නද?
රත්නා අහපුු පැනයට කල්පනා කරන්න තරම් දෙයක් තිබුණේ නැහැ.
අපි එහෙනම් දෙසීය කාමරයෙන්ම පටන් ගනිමු. අපිත් කැමරා ආම්පන්න ටික රෙඩි කර ගත්තා.
දෙසීය නාට්‍යයේ රත්නා රඟපාන්නේ මරිනා විදියට. ඇය එහි හෝටල් මැනේජර්වරයකුගේ බිරියක්. ඇය පිටට පේන විදියට නෙවෙයි ඇගේ අතුළතින් තිබෙන්නේ. ඇය සැමියාට ආදරෙයි කියලා පෙන්නුවාට එහෙම නැහැ. තුන්සීය නාට්‍යයේ රත්නා වැසිලිසා විදියට රංගනයට ආරෝපණය වුණා. සම්පතුත් ඔහුගේ සහය උපරිමයෙන් ලබා දෙනවා. රත්නා මේ නාට්‍යයේ හෝටල් කාමර පිරිසුදු කරන්නියක්. ඒ විතරක් නෙවෙයි හැම මොහොතකම අනුන්ගේ කුණු හොයන කෙනෙක්. ඇය තමන් ඇස් දෙකට දකින දේට වඩා අනිත් අය පවසන දේ තමයි විශ්වාස කරන්නේ.
වැරදි අවබෝධ නිසා මිනිසුන් අමාරුවේ වැටෙන විදිය මේ නාට්‍යයෙන් සම්පතුයි රත්නයි වේදිකාවට ගේන්න උත්සහ කරනවා.
දෙසීය තුන්සිය නාට්‍යයේ පූර්ව ප‍්‍රචාරක දැන්වීම් කොළයක් මම අතට අරන් බැලූවේ මේ අපුරු නිර්මණය අපේ පේ‍්‍රක්‍ෂකයන්ට බැලීමට ලැබෙන දවස ගැන දැන ගන්න. පෙබරවාරි 17,18 සවස 7.00ට ලයනල් වෙන්ට්ඞ් රඟහලට ගොඩවීමට හැකියාවක් තිබෙන ඕනෑම අයෙකුට දෙසීය තුන්සීය කාමර දෙකේ සිද්ධ වෙන ජංජාලය හරියටම දැන කියා ගත හැකියි.
සිනාවේ ගැඹුරු අරුත් සොයා යන නාට්‍ය නිර්මාණයක් විදියට තමයි දෙසීය තුන්සීය ඔබ වෙත ගෙන එන්නේ. එකම හෝටලයක කාමර දෙකක සිද්ධවෙන විවිධ සිදුවීම් පෙළක් දිහා තීක්‍ෂණව බලන්න කියන ආරාධනය රත්නයි සම්පතුයි ඔබ වෙත කරනවා.
80 කණ්ඩායමේ වැඩක් විදියට නාට්‍යයට සම්බන්ධ වී සිටින ප‍්‍රවීණ පිරිවර ගැනත් නාට්‍යය දැන්වීමේ සඳහන් වී තිබෙනවා. ජයලත් මනෝරත්න, රත්නා ලාලනී, සම්පත් තෙන්නකෝන් ෆර්නි රෝෂනී, සුජානි මේනකා, නිමල් ජයසිංහ ඉෂාර වික‍්‍රමසිංහ, සමදරා මාබුලගේ, ජගත් පද්මසිරි, උපාලි බණ්ඩාර, සංජීව උපේන්ද්‍ර වගේ දක්‍ෂ ශිල්පීන් පිරිසකගේ රංගනයෙන් දෙසීය තුන්සීය හැඩවීමට නියමිතයි. රත්නා සම්පත් දෙපළ නාට්‍ය නිර්මාණය කිරීමේ වගකීම කරට ගත් විට නාට්‍යය රටවටාගෙන යාමේ වගකීම බාරගෙන තිබෙන්නේ සුසිල් වික‍්‍රමසිංහ.
රංගනයෙන් මද නිවාඩුවක් ලබපු සම්පතුයි රත්නයි තමන් රඟපාපු වේදිකාවේම කොනක වාඩිවුණේ දෙසීය තුන්සීය ගැන ඔවුන්ගේ අදහස් කියන්නයි. අපිත් සටහන් පොත අරගෙන ඒ අයගේ අදහස් ගොනු කරන්නේ ඔබ වෙනුවෙන්මයි.
ලේඩිස් ෆස්ට් වගේ මුලින්ම රත්නා කතාවට ප‍්‍රවේශ වුණා.
‘සම්පත්ට තමයි ගොඩාක් ආසාවක් තිබුණේ නාට්‍යයක් කරන්න. ඒ අසාවත් එක්ක ජයලත් මනෝරත්නයන්ගේ කුළුදුල් නාට්‍ය පරිවර්තන හොඳ නාට්‍ය නිර්මාණයක් විදියට වේදිකාවට ගෙන එන්න කල්පනා කළා. සම්පත් තමයි යෝජනා කළේ මේක අපි දෙන්නම එකතුවෙලා කරමු කියලා.’’
රත්නා කතාවට ආරම්භය ලබාදීලා සම්පත්ගේ මුණ දිහා බැලූවේ ඔයත් මේකට අඩුම කුඩුම ටිකක් එකතු කරන්න කියනවා වගේ. සම්පත් රත්නාගේ බැල්ම තේරුම් ගත්තා වගේ කතාවට හවුල් වුණා.
‘ඇලෙක්සැන්ඩර් නාට්‍යවේදීයාගේ පුත‍්‍ර සමාගම නාටයේ අපි ඒ කාලේ රඟපෑවා. ඒ කාලේම තමයි අපිට ආසාවක් ඇති වුණේ ඒ නාට්‍යවේදීයාගේ නාට්‍යයක් අපේ නිර්මාණයක් විදියට කරළියට ගෙන එන්න. අපේ ආදර සම්බන්ධය අපි පටන් ගන්නේත් පුත‍්‍ර සමාගම නාට්‍ය කරන කාලේ අපි මේ නාට්‍ය වෙනුවෙන් මාස පහක් හයක් එක දිගට කැප වුණා. හැමෝම එක පවුලක් විදියට තමයි වැඩ කළේ.’’
නාට්‍යයේ කොටසක් රඟපාලා පෙන්වන්න බැරිද? අපේ යෝජනාවට සමපත් බොහොම කැමැත්තෙන් එකතු වුණා.
සම්පතුයි නිමලූයි හීනියට යමක් කරලා වැනි වැනි පාරේ එනවා. කොච්චර බිවුවත් ඒක කට්ටියට ප‍්‍රමාණවත් නැහැ වගේ පාරේ යන මනුස්සයෙක්ගෙන් රූබල් තුනක් අරගෙන ආයෙත් වරක් තැබෑරුමට යන්න තමයි මේ දෙන්නාගේ කල්පනාව. මේ අතරේ තමයි පාරේ යන තරුණයෙක් මේ දෙන්නට හමුවන්නේ. ඒ චරිතයට පණ පොවන්නේ මෑත කාලයේදී සම්මානනීය නළුවෙක් වන ඉෂාර වික‍්‍රමසිංහ. ඉෂාරගෙන් රූබල් 100 ක්ම දීපු එක ගැන සම්පත්ටයි නිමල්ටයි හරි පුදුමයි. ඒ ගැන සම්පතුයි - නිමලූයි තරුණයාගේන් විමසනවා. කළ හොඳ පස්සෙන් එනවා වගේ මේ මොකද්ද වුණේ කියලා ඉෂාරටත් හිතා ගන්න අමාරුයි. තරුණයාටත් මේ බීපු මිනිස්සු දෙන්නා ගැන ඇති වෙලා තියෙන්නේ පුදුම කේන්තියක්
‘මට පේන්නේ ඔයාලට මිනිහෙක්ගේ අනුකම්පාව තේරුම් ගන්න බැහැ. මනුස්සකම හැඟීම සංවේදිතා ආදරය ඒ නහර වලින් වේලිලා ගිහිල්ලා.
ඉෂාර එතනින් පිටවෙලා යන්නේ කේන්තියෙන්. සම්පත් එක්ක බීපු චරිතය රඟපාපු නිමල් ජයසිංහත් එක්ක පොඞ්ඩක් කතා කරන්න කියලා මගේ හිත කියනවා. මම නිමල් ළඟට මොහොතකට කිට්ටු වුණේ දෙසීය තුන්සීය ගැන ඔහුගේ අදහස දැන කියා ගන්න.
‘මම මනෝරත්න, සම්පත්, රත්නා එක්ක බොහෝ කාලයක සිට රංගනයෙන් දායක වෙනවා. ඒ අතරේ තමයි කෙටි නාට්‍ය දෙකකට රංගනයේ දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණේ. මේක නාට්‍ය දෙකක් වුණාට එකම නාට්‍යයක් විදියටයි වේදිකාවට පැමිණෙන්නේ. පළමු කොටසේ දී මම ඩොක්ට බොරිස් විදියටත් දෙවැනි කොටසේ දී බීමත් චරිතයකටත් පණ පොවනවා.
කට්ටියම එක පවුලක් වගේ ‘දෙසීය තුන්සීය හා බැඳී සිටිනවා. එක එක දවසට එක එක කෑම ගෙන්න බාර ගත්නෙත් ඒ බැඳීමෙම ප‍්‍රතිඵලයක් විදියට. සුජානි මේනකාට තමයි මේ නාට්‍යයේ අලූත්ම අත්දැකීම තියෙන්නේ. මොකද සුජානි වේදිකාවේ රංගනයකට මුහුණ දෙන පළමු අවස්ථාව මේක නිසා.
අමිල චින්තක ගමගේ / ඡායාරූප - චමත් වින්දුල


