දෙවොල් දෙවියන්ට කුරුඳු පුදයි


ගාලු දිස්ත්‍රික් කුරුඳු නිපදවන්නන්ගේ සංගමය මේ වසරේ ද ඓතිහාසික සීනිගම දෙවොලට පෙරහරකින් පැමිණ දෙවොල් දෙවියනට කුරුඳු පූජා කළේය. සාර්ථක කුරුඳ අස්වැන්නක් ලැබීමටත් කුරුඳු වගාකරුවනට හොඳ ආදායමක් ලැබා ගැනීමත් මේ පූජාවේ අරමුණයි. ශ්‍රී ලංකාව ලොව ප්‍රධානත ම කුරුඳු අපනයන කරුය. පෘතුගීසීන් මෙහි පැමිණියේ කුරුඳු සොයාගෙන බව කියයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.