දෙවිනුවර මහ කපුවා පුංචි කපුවාට ගහයි


දෙවිනුවර උපුල්වන් දොවොලේ කපුවකුගේ ගෙල මිරිකා අතින් පයින් පහර දුන්නැයි සැකපිට එහි ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණ තේනබදු (53) මාතර වැඩබලන මහේස්ත්‍රාත් නීතීවේදී ලලිතා විතානාච්චි මහත්මිය විසින් සඳුදා (9) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

දෙවොල ඇතුළේදී පහර කෑමට ලක් වූ බව කියන කේ ජී කළ්‍යානප්‍රිය (53) කපු මහතා මාතර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

දෙවිනුවර දොවොලේ සොරකමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ප්‍රධාන කපුමහතා ඇප ලැබීමෙන් හා දෙවොලට ඇතුළුවිය නොහැකියැයි පැනවූ වාරණය ඉවත් කිරීමෙන් පසුව එහි ගොස් මේ සිද්ධියට මැදිවී යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.