දෙවැනි සැමියා රිමාන්ඩ්


පිළියන්ඳල විජිතපුර පදිංචිව සිටි ශකිලා පෙරේරා (48) දෙදරු මව ඝාතනය කොට ගෙවත්තේ වළදැමීමේ සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇගේ දෙවැනි සැමියා  මෙම මස 25 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙෂ කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.

මහනුවර මැණීක්හින්න සිරිමල් පෙදෙස පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වාසනා පැතුම් ලක්මිණී ජයවර්ධන එම තැනැත්තාය.

නිවසේ භාණ්ඩ සියල්ල ශකිලාගේ පෙර විවාහයේ වැඩිමහල් දරුවා වෙත රුපියල්  ලක්ෂ දහයක බැඳුම්කරයක් මත ලබාදීමට මහේස්ත‍්‍රාත්වරයා ඊයේ (20) පොලිසියට නියෝග කළේය.

ඉතාලියේ වසන සිය බිරිඳ වකුගඩු අමාරුවකින් පෙළෙන නිසා එයට ප‍්‍රතිකාර ගැනීමට යැයි පවසමින් සැකකරු ශකිලා පෙරේරාට  අයත්ව තිබූ නිවස තමන්ට විකිණූ බව එම නිවස මිලට ගත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.ඒ සදහා ඇටෝනි බලපත‍්‍රයක් යොදාගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.