දෙවැනි සථානයට ටිරෝන් - දුෂාන් සටනක


බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡන්ද සටහනට අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 319 ත් සමග මුලූ ඡුන්ද 5463 ක් ලබාගෙන සිටියි. ඒ අනුව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන්ගේ ඡන්ද සංඛ්‍යාවට ඔහු ලගාවෙමින් සිටීම කැපීපෙනේ.

ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 26 ක් පමණි. ඔහුගේ මුලූ ඡුන්ද සංඛ්‍යාව 3572 කි. තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1049 ත් සමගින් සමස්ථ ඡුන්ද 14500 සීමාව පසුකිරීමට සමත්වී සිටී. ඒ අනුව ඡුන්ද 14855 ක් ලබාගෙන තවදුරටත් ඔහු සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටී.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 600 ත් සමගින් සමස්ත ඡුන්ද 5000 සීමාව පසුකිරීමට සමත්වී තිබේ.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 1458 ලබාගැනීමට සමත්වූයේ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 447 ත් සමගිනි. ඔහු තවදුරටත් නැගී එන පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා         පාසල      ඡන්ද
මින්හාජ් ජලීල්          තර්ස්ටන් විදුහල 14855
ඒ. කේ. ටිරෝන්       රිච්මන්ඞ් විදුහල 3572
දුෂාන් හේමන්ත     කොළඹ ශාන්ත පීතර විද්‍යාලය    3463
දිනුක වික‍්‍රමනායක            ත‍්‍රිත්ව විදුහල 1468
මාධව නිමේෂ්     පානදුර රාජකීය විදුහල    1011
සචින් බුලත්සිංහල     කටුගස්තොට ශා අන්තෝනි විදුහල    550
ජේසන් බුල්ජන්ස්     කොළඹ ශාන්ත පීතර විද්‍යාලය   480
රොෂාන් අනුරුද්ධ    කැළණිය ගුරුකුළ විදුහල    197
දමිඳු අෂාන්     පානදුර රාජකීය විදුහල   192
කුසල් මෙන්ඩිස්     මොරටුව වේල්ස් කුමර විදුහල  186
දේවින් පත්මනාතන්    කොළඹ රාජකීය විදුහල    176
තමල්ක ඇතුලත්මුදලි    කොළඹ ආනන්ද විදුහල      147
යොහාන් සිල්වා    අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල     79
සන්ජික රිද්ම    මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල   70
ගෙහාන් ගජධීර  මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 10


නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා        පාසල      ඡන්ද
සංජු ශාරුක්        ගාල්ල විද්‍යාලෝක විදුහල 1458
ලහිරු විමුක්ති    පානදුර ශී‍්‍ර සුමංගල විදුහල  707
චාමික අමරසේකර   පානදුර ශ්‍රී සුමංගල විදුහල    473
ප‍්‍රසන්න සුජිත්       උහන මධ්‍ය මහා විදුහල 328
භානුක මනිලංග    කෑගල්ල ශාන්ත මේරි විදුහල    132
දේෂාන් ධනංජය    මාතර රාහුල විදුහල   117
සදීප ලක්ෂාන්    වේයන්ගොඩ බලවන විදුහල    19
නිපුන යතිදුර    කැළණිය ධර්මාලෝක විදුහල    13
ලසිත් ලක්ෂාන්    මාතර ශන්ත තොමස් විදුහල    13


අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා          පාසල     ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල    5439
සසික රත්නතිලක    නුගේගොඩ ලයිසියම් විදුහල 3752
ඬේවින් යසත් සේරසිංහ       ගේට්වේ ජාත්‍යන්තර විදුහල       59
නවීන් සන්ජුල             කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර විදුහල  3

   

 

 ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. කල්ප ගීතාංජන, නුවර හෝටලය, ප‍්‍රධාන වීදිය, හිගුරක්ගොඩ
2. සිහානා මිස්කින්, නො. 40, සම්බෝධි මාවත, නුවර
3. ජී. එම්. පී. සුගතපාල, නො. 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල
4. එල්. සී. ගුණසේකර, නො. 83, ගල්තුඬේ, පානදුර