දෙවැනි වරටත් කළු දුම


මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් සිදුකරතියි වතිකාන ආරංචි කියයි.

සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත් ඉන් පසු සංඥාවක් ලැබෙයි.

රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.

අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.

එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.

සිකුරාදා වන විට නව පාප්තුමා පත් කර ගත නොහැකි වුවහොත් සෙනසුරාදා කාදිනල්වරුන්ට යාඥා සඳහා වෙන් කැරෙයි. ඒ ආකාරයට 34 වැනි ඡන්ද වටය දක්වා දින තුනත්  ඡන්ද විමසීමට ද, පසු දිනය යාඥා සඳහා ද වෙන් කැරෙයි.

ඉන් පසුව වැඩිම ඡන්ද ගත් කාදිනල්වරුන් දෙදෙනා අතරික් කෙනෙකු තෝරා ගැනෙයි.