ස්වභාවික සෞදර්යෙන් හා සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ගිය දක්ෂිණ ලංකාවේ මත්තල ගුවන්තොට මහින්ද රාජපක්ෂ ජනපති අතින් ලබන 18 වැනිදා විවෘත වේ.
වනෝද්‍යාන, කෙත්වතු, ඉපැරණි වෙහෙර විහාර හා මුහුදු වෙරළින් සුසැදි පෙදෙසක ඉදි කළ මේ ගුවන්තොටේ මුල් අදියරදී වසරකට දස ලක්ෂයක් මගීන්ද, ටොන් 45000ක ගුවන් බඩුද ප්‍රවාහනය කෙරෙතියි ඇස්තමේන්තු කර ඇත.
මත්තල ගුවන් පථය මීටර 3500ක් දිගය. මීටර 60ක් පළලය. ගුවන් ගමන් පාලක මැදිරිය ගුවන්තොටේ ඉහළම උසකින් මීටර් 41ක් උසට ඉදි කර ඇත.
ගුවන්යානා 10ක් නතර කිරීමේ ඉඩකඩ ඇත.
දෙවැනි අදියරේදී ගුවන් මගීන් පන් ලක්ෂයකට ද පහසුකම් ද, ගුවන් යානා 20ක් නතර කිරීමට පහසුකම් ද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට ගුවණින් දුර නාවික සැතපුම් 90.8 කි.
කටුනායකට ගිනිකොන දිගින් මේ ගුවන්තොට පිහිටියේය.
තෝරාගත් පාසල් අසූවක සිසුනට ද මහජනයාට ද ලබන සිකුරාදා පස්වරු 12 වන තෙක් ගුවන්තොටුපළ නැරඹීමේ ඉඩකඩ ලැබෙන බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම කියයි.