(මනෝප‍්‍රිය ගුණසේකර)
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටු වන බව සඳහන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණ තුනෙන්, දෙවැනි තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
මෙම තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය පිළිබඳ ගැසට් නිවේදනය මෙම සතිය තුළ අධිකරණ අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට යොදා ඇති බව අධිකරණ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
බරපතල චංචා සිද්ධීන්, රාජ්‍ය දේපළ අවභාවිතය, ඉහළ සංවේදීතාවයකින් යුතු අපරාධ ආදිය පිළිබඳ නඩු විමසීම සඳහා මෙම තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

