ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත ජවිපෙ දෙවැනි කැරැල්ල කෘතිය අද කොළඹ තුන්මුල්ලේ ශ්‍රී සම්බන්ධ ජයන්ති මන්දිරයේදී එළි දැක්වීය.
නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රධාන ආරාධිතයෝ වූහ.
කැලණිය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ පීඨාධිපති රෝහණ ලක්ෂ්මන් පියදාස, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතීඥ උදුල් ප්‍රේමරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මාහාචාර්ය ගාමිණී සමරනායක මහත්වරු දෙසුම් පැවැත්වූහ.
වසර 27කට පෙර පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේ කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විතය. ඡායාරූප 1289ක් ඇතුළත්ය. ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් බව කතුවරයා කියයි..
මෙම ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාල පාර්ශව සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විත බව කතුවරයා පවසයි.
ධර්මන් වික්‍රමරත්න මහතාගේ 52 වැනි කෘතිය මෙයයි.
පාලිත පෙරේරා වැඩසටහන මෙහෙයවීය.








