දෙවැනි උත්සහාය හරි යයි


ගිය වසරේ මැයි මාසයේදී යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යන්නට තැත් කර උසාවියෙන් ඇප මත මුදා හැර සිට 14 දෙනකු ඉන් පසුව යාත්‍රාවකින්ම ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද දැනුම් දුන්නේය. එදා ඕස්ට්‍රේලියාවට යෑමට ආ 101දෙනකු අතර මෙම පිරිස සිටි බව ද ඔහු කීවේය.එක් අයකුගෙන්  රුපියල් දෙලක්ෂය බැගින් ගෙන ඔවුන් ඕස්ට්‍රේලියාවට රැගෙන යමින් සිටි බව කියන හත් දෙනෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ලබන ජූනි 28 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස සැකකරුවන් 81 දෙනකුට නියෝග කැරිණි. පැන ගිය 14 දෙනා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් ද නිකුත් කැරිණි.