දෙවරක් බැරි වූ ජල පනත වයඹ සභාව සම්මත කරයි


සිව් වැනි හා පස් වැනි පළාත් සභාවල දී සම්මත කර ගත නොහැකි වූ වයඹ පළාත් වාරිමාර්ග ප්‍රඥප්තිය අද වයඹ පළාත් සභාවේ දී වැඩි ඡන්ද 29කින් සම්මත විය.

එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ජවිපය විරුද්ධව ඡන්දය දුන්නේය.

මෙවැනි ප්‍රඥප්තියක් මුලින්ම සම්මත වූයේ වයඹ දී ය.

මෙහි සැඟවුණු අරමුණ ජලය විකිණීම බව ජවිපෙ කියයි.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජල කලමනාකරණය මිස ගොවියාට හානිකර කිසිවක් පනතේ නැති බවයි.

විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා පැවසුවේ ගොවියාගේ යහපතට හේතු වන නිසා ඊට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ නොවන බවයි.

බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය මත ප්‍රඥප්තිය ගෙන ආ බව ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා කීවේය.