දෙලක්ෂයක් මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබති


ලබන අගෝස්තුවේ මඩු මංගල්‍යයට පෙර මන්නාරම මඩු පල්ලියේ ජූලි අවසන් දේව මෙහෙය බදාදා (02) පැවැත්විණි.

ජූනි 23 වැනි දා සිට ඇරැඹි දේව මෙහෙයට බදාදා දෙලක්ෂයක් පමණ පිරිස් සහභාගී වූ බව පොලිසිය හා ආරක්ෂක අංශ කියයි.

තිස් අවුරුදු යුද්ධය හමාර වී පස් වසරකට පසු මඩු ප්‍රදේශය නව ජීවයක් ලබා ඇත.

රායප්පු ජෝසප් මන්නාරම රදගුරු, වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු හා පොන්නයියා ජෝසප් මඩකලපු රදගුරු දේව මෙහෙය පැවැත්වූහ.