දෙමළ සිරකරුවන් හමුවීමට දෙවසරකට පසු අවසර


අන්තර්ජාතික රතුකුරුස සංගමයේ නියෝජිත පිරිසක් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී අද දෙමළ සිරකරුවන් හමුවී සාකච්ඡා කළේය.

වසර දෙකකට පසු ඔවන් හමුවීමට රතුකුරුස සංවිධානයට ඉඩ ලැබුණු මුල්ම අවස්ථාව මෙයයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මෙම හමුව සංවිධානයට අවසර ලබා දුන්නේය.