දෙමළ සන්ධාන මන්ත්‍රීවරු දිවුරුම් දෙති


‘හෙට අපේ‘ යන තේරුම දෙන දෙමළ ගීතයේ තනුව වාදනය කැරුණු පෙරහරකින් යාපනය මුනියප්පර් කෝවිලේ සිට වීරසිංහම් ශාලාවට පැමිණි  දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු උතුරු මහ ඇමැති  සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ඊ ටී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැමිණ නොසිටියහ.