යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයාගේ චරිත ඝාතනය කරමින් දමිළ වෙබ් අඩෙවියක් පළකර ඇති පුවතක් හේතුකර ගනිමින් උතුරු පළාතේ සියලුම නීතීඥවරු අද (20) අධිකරණ කටයුතු වලට සහභාගී නොවුහ.
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා සහ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ.ආනන්ද රාජා මහතාගේ චරිත ඝාතනය වන ආකාරයෙන් මෙම පුවත පළකර තිබුණි.
යාපනය,වව්නියාව,මන්නාරම,මුලතීව් සහ කිලිනොච්චිය යන දිස්තී‍්‍රක්කවල සියලුම අධිකරණවල එනම් අධිකරණ 15 ක පමණ කටයුතු අඩාල විණි.
මෙම වර්ජනය නිසා කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක දී විභාගයට ගැනීමට නොහැකිවූ අතර නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිස් හට ආපසු හැරී යන්නට සිදුවිණි.
මෙම වෙබ් අඩවිය කොටි සංවිධානයේ නිදර්ශනම් වෙබ් අඩවිය මෙහෙයවූ නඩරාජා සේදුරූබන් විසින් සිදුකරගෙන යන අතර මොහු මීට කලකට ඉහතදී උතුරේ රාජ්‍ය අමාත්‍යවරියකගේ රැකවරණය මත සිටි අයෙකු බවද කියවේ.
මොහු විසින් මෙම වෙබ් අඩවිය විදෙස් රටක සිට මෙහෙයවන බවටද තොරතුරු ලැබේ.