දෙමළ මහා සෑය පිළිසකර කරයි


පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතිය අරමුදල අද ඇරැඹීය.

1982 දී ඇරැඹුණු ප්‍රතිසංස්කරණ අතර මග නතර වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනපති අණින් මෙවර ප්‍රතිසංස්කරණය කැරෙන බව අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ රණවීර මහතා කියයි.

අඩි 1950ක වට ප්‍රමාණයකින් යුත් සෑයේ උස අඩි 625කි. මුල් අදියරේ දී අඩි 500ක් හෙවත් සෑයෙන් හතරෙන් එකක් සංරක්ෂණය කිරීමට නියමිතය.