දෙමළ ප්‍රශ්න පත්‍රයේ අණ්ඩර දෙමළ


අද පැවැත්වෙන බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ නවය ශ්‍රේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පස් වැනි ප්‍රශ්නයෙන් පසු ඉතිරි ප්‍රශ්න වෙනුවට පිළිතුරු මුද්‍රණය වී ඇති නිසා සිසුහු අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය කියයි.

උත්තර සමග බෙදා දුන් නවය ශේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සිසුන් පිළිතුරු ලියමින් සිටියදී කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් ලද තොරතුරකට අනුව නැවත එකතු කර සීල් තබූ බව අධ්‍යාපන ආරංචි කියයි.