වසරක පුහුණුව සාර්ථකව නිම කළ පොලිස් නිලධාරින් 369 දෙනකුගේ විසිර යෑමේ උළෙල කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම පොලිස් නිලධාරීන් අතුරෙන් 44 ක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් සේවයට එක් වු දමිළ ජාතික තරුණයින් වීම විශේෂත්වයකි.
එහිදී චමල් රාජපක්ෂ මහතා පොලිස් ආචාර පෙළපාළිය පිළි ගත්තේය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් හා පුහුණු කටයුතු බාර් නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් යන මහත්වරු ඊට සහය වුහ.