දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
එම නඩුවට අදාළව දුන් අතුරු තහනම් නියෝගය පහත දැක්වේ.