දෙමළ කල්ලි නායකයා ලන්ඩන් හිරේ


යාපනයේ කොටි කොල්ලන්ගේ නායකයා බව කියන ලන්ඩනයේ කෙන්ට් ප්‍රදේශයේ බ්‍රෝඩ්ස්ටෙයාර්ස්හි එඩ්වඩ් ආම්ස්ට්‍රොන් ඇන්ටන්ට (37)  ලන්ඩනයේ ක්‍රොයිඩන් උසාවිය මාස තිහක සිර දඩුවමක් නියම කළේය. ලන්ඩනයේ පූමි සුපර්මාකට් හි වකීසන් මාණික්කවාසම් හා ඔහුගේ සහෝදරයාට සාප්පුව ඇතුළේදී පහර දී තර්ජනය කළැයි ඔහු චෝදනා ලබා සිටියේය.

පැමිණිල්ල  ජූරි සභාවට දැන්වූයේ ඇන්ටන් එම සහෝදරයන්ට පහර දී ඇත්තේ මාණික්කවාසගම්  නඩුවක සාක්කිකරුවකු නිසා යැයි බවයි.

පමිණිල්ලේ නීතීඥයා පැවසුවේ ඇන්ටන් ක්‍රොයිඩන් කල්ලියේ නායකයා බවයි. පොලීසිය පැත්තට සාක්කි දුන්නොත් මාණික්ක වාසගම්ගේ ජනනේන්ද්‍රිය කපා පවුලම මරා දමන බවයි.

රංචු ගැසී කළ අපරාධයක් සම්බන්ධයෙන් මාණික්කවාසගම් පොලිස් සාක්කි කරුවෙකි.

පහරදීමේ චෝදනා දෙකකට ඇන්ටන් වරද පිළිගත්තේය.