බුලත්සිංහල උඩහේන වත්තේ හල්වතුරේ මහළු මව, පියා සහ පුතා ඝාතනයේ සැකකරුවන් දෙමාසයකට පසුව අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
ඉඩමක් විකුණා ගෙදර ගෙනා රුපියල් ලක්ෂ හයක් කොල්ලකෑම සොරකමේ අරමුණ වුවත් සතයක්වත් සොරුන් අතට පත්වී නැතැයි ද එක් සරකකරුවකු තවත් මිනීමැරුම් නඩුවකට හවුල් බව ද, තවත් සැකකරුවකුගේ ලේ තැවුරුණු සරම හා පිහිය සොයා ගත් බව ද පොලීසිය කියයි.