ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරදයක් වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගත් දිනයේ පටන් ජනපති සිරිසේන උත්සාහ කළේ පක්ෂය එක්සත් කිරීමටය. එහෙත් ඔහු අසාර්ථක විය.මේ හමුවේ පසුගිය තුන් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම හමුවෙමින් ඔහු ඉල්ලා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අකටයුතුකම් ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙසය.
ජනපති සිරිසේන රාජපක්ෂ හිතවතුන්ට රැකියා දුන්නේය. එය ඔහු සාධාරණීකරණය කළේ රාජපක්ෂට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඔහු වඩා සිටින පුද්ගලයන් ඔහුගෙන් දුරස් කළ යුතුව තිබෙන බව කියමින්ය. එතැනින් නොනැවතුණ ඔහු රාජපක්ෂගේ ළගම හිතවතුන්ට රාජ්‍යතාන්ත්‍රික තනතුරු දැරීමට අවස්ථාව ලබා දුන්නේය. එහෙත් යථාර්ථය වූයේ ජනපතිවරයාගේ මෙවැනි ක්‍රියාකාරකම් ඉදිරියේ ඔහුගේ ආධාරකරුවන් මෙන්ම ඔහුට සහය දුන් රටේ ජනතාව ඔහු කෙරේ අමනාප වීමය. ජනපති සිරිසේනට ඔවුන් අහිමි වූ බව කීමේ ද වරදක් නැත.
ලිපිය වැඩිදුර කියැවීම සඳහා දෙපැත්ත යා කිරීම වෙත පිවිසෙන්න.

