දෙපාවා සිව්පාවුන් පස් දෙනෙකු ගිලියි


වල් ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී ගැබ්බර මී දෙන්නු දෙදෙනෙක් මී ගවයෙක් සහ දුර්ලභ ගණයේ කලවැද්දෝ  දෙදෙනෙක් මිය ගියහ.

කටුගස්තොට හල්ඔළුව ජනරජ මාවතේ කුඹුරු යායක මෙම අනවසර විදුලි රැහැන ඇද තිබූ බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි .

වි දුලිය වැදීමෙන් මිය ගොස් ඇති මී ගවයින් තිදෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට වැඩි බව ද පොලිසිය කියයි .