දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ


තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු  පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය.

අපරාධ රැසක සැකකරුවන් අල්ලා දීමට සමත් වු මේ සුනඛයා දෙවරක්ම ඉව ඔස්සේ  ගියේය.ඒ දෙවාරයේදීම සුනඛයා පැමිණිලිකරුගේ ගෙදරට ගොස් නතර විය.

රජයේ හා එතෙර ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ගින්න හටගෙන ඇත්තේ ඔහුගේ කඩය පිටුපසිනි .