දෙපානම අනතුරේ බ්‍රිග්‍රේඩියර් යළි රිමාන්ඩ්


කොට්ටාව බොරැල්ල පාරේ දෙපානම අරලිය උයන ආසන්නයේ  හයිලෙවල් මාර්ගයේ කහ ඉර මතදී පාසල් සිසුවියක්  අනතුරකට ලක්කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි  විශ්‍රාමික යුද හමුදා බ්‍රිග්‍රේඩියර්  නිමල් ප්‍රියන්ත සමරතුංග යළි ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නුගේගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.