ගුරුකමක දී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරිය ප්‍රතිකාර සඳහා වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදහත්වීමෙන් අද උදේ හොරොව්පතානේ සිට කොළඹට ගෙන එනු ලැබීය.
දැරියගේ දුක්මුසු කතාව ලංකාදීප පත්‍රයෙන් හා ලංකාදීප වෙබ් අඩවියෙන් දුටු නාමල් රාපක්ෂ මහතා දැරිය ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත.
ගුරු උපදේශකයකු හා යකදුරකු ද වන පුද්ගලයකු විසින් ඇගේ දෙපා පුළුස්සා ඇත්තේ ඇයට වැහුණු බව කියන යක්ඹයකු පළවා හරින්නටළු.
ඇය කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කොට මේ වන විට මූළික ප්‍රතිකාර අරභා තිබේ
.jpg)
.jpg)

