කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය. 1956 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටින කොටියා පැන්තරා පාඩුස් නමැති කොටි විශේෂයෙන් වෙනස් වූ උප විශේෂයක් බව විද්‍යාත්මකව තහවුරු කළ සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා එම මෙරට කොටිය පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම් කළේය. ශ්‍රී ලංකාවේ තෙත් වියළි හා කඳුකරයේ කොටි සිටිති. එහෙත් වැඩිපුරම දැකිය හැක්කේ විල්පත්තුවේ හා යාල වනෝද්‍යානවලය. කොටියන්, වලසුන් හා අලි ඇතුන් විල්පත්තුවේ වැඩිපුර සිටිතියි කියති.
හොර්ටන්තැන්න, යාල, සිංහරාජය හා විල්පත්තුවේ කොටි සිටිති.





