ඉතාලියේ මෙසිනා නගරයේ මහල් නිවසක කුස්සියේ විදුලි කාන්දුවීමකින් ගෙය ගිනිගෙන දුමාරයෙන් වැසී යද්දී එහි ආ ගිනි නිවන භටයෝ ද අතුරු වෛද්‍ය සේවකයෝ ද රෝද පුටුවක සිටි කතක හා ඇගේ සහායිකාව වූ ශ්‍රී ලංකා සේවිකාව බේරාගත්හ. ශ්‍රී ලංකා සේවිකාව සිහිසුන්ව බිම වැටී සිටියාය. ප්‍රථමාධාරවලින් පසු සිහිය ලැබ ඇය තමා හා තම ස්වාමි දුව බේරාගත් අයට ස්තුති කළාය.