රටේ නමගිය වෙළද ආයතනයක නියෝජිතයන් බව පවසා මෝටර් රථ වලින් ගොවිබිම් වලට ගොස් ගොවින් සමග හිතවත්කමක් ගොඩනඟාගෙන ගොවි නිෂ්පාදන වලට ඉහළ මිලක් තක්සේරු කොට ලොරි ගොවිපොළටම රැගෙනවිත් අස්වැන්න පටවාගෙන ගොස් ගොවීන්ට මුදල් නොදී මගහැර සිටින සංවිධානාත්මක කණ්ඩායමක් දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් රැසක් අසරණ කළ බව කියති.
මේ කණ්ඩායම දඹුල්ල ,නුවරඑළිය ,පුත්තලම ,අනුරාධපුර ,වව්නියාව ,පොලොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සැරිසරමින් ලොකු ලුනු, අර්තාපල්, විවිධ එළවළු, රතු ලුනු හා කරවල නිෂ්පාදන මේ ආකාරයෙන් දෙන්නම් කාසිවලට ගනිතියි කියති.