දින සියයේ අයවැයෙන් පොරොන්දුවූ රබර් කිලෝවේ හා තේ කිලෝවේ සහතික මිල නොලැබුණැයි කියමින් කළුතර දිස්ත්‍රික්කයේ තේ සහ රබර් නිෂ්පාදකයන්ගේ එකමුතුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොවි සංවිධානය හොරණ නගරයේදී අද (1) උද්ඝෝෂණයක් පැවැත්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
රජය රබර් කිලෝවකට රුපියල් 350 ක් පමණද තේ කිලෝවකට 80 බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් පොරොන්දු විය.
රජයෙන් පොරොන්දුවූ මිල නොලැබෙන බව ගොවීහු කීහ. රබර් කිලෝවට දැනට රුපියල් 210 ක් ද තේ කිලෝවට උපරිමය රුපියල් 60 ක් ද ලැබෙන බව උද්ඝෝෂකයෝ කීහ.








