ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩාවෙන් යුරෝ 22000 (රුපියල් 3630000) ජයගෙව ඇත. ඔහු එම නගරයේ තවත් අයකු සමග ලොටෝ සෙල්ලම් කළේය. ලොටෝ ආයතනයේ හිමිකාරිය කීවේ, ඔහු තමන්ගේ හොද ගනුදෙනු කරුවකු බවයි. රැකියාවක් නැති ඔහු දුම්බොන අයකු ලෙසත් ඔහුගේ ජයග්‍රහනයෙන් පසු දුම්වැටි වලින් සහ මදුවිතෙන් අන් අයට සංග්‍රහ කළ බවත් ඇය කීවාය.
තවද රැකියා විරහිත ඔහුගේ ජය නිසා ඔහු ඉතාලියේ ජීවත් වීමට යම් මුදලක් තබාගෙන ඔහුගේ ඥාතීන්ට හොද මුදලක් යැවීමට හැකිවීම ගැන ඇය සතුටු වන බව ද පැවසීය.