හොරොයින් මත් කුඩු නඩුවක ඈපෑලෙන් නිදහස් වු දෙදරු මවකට වසර නවයක් සිර බත් කෑමට සිදු වුයේ අධිකරණ ක්‍රමයේ වරදක් නිසා යැයි අශියාචනාධිකරණ විනිසුරු තුන් කටුටවක් අද සිය කනගාටුව පළ කළහ.
සභාපති ඒ ඩබ්ලිව් ඒ සලාම්, එච් එන් ජේ පෙරේරා හා සුනිල් රාජපක්ෂ විනිසුරුවරුන් හමුවේ මේ නඩුව විභාග විය.
මුලින් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුවත් ඇපෑලේදී ඇය නිදහස් විය.
1998 දෙසැම්බර 12 වැනිදා ඇය අත්අඩංගුවට ගත් අතර සිර දඩුවම් නියම වුයේ 2005 ජුලි 9 වැනිදාය.
‘යුක්තිය සැමට සාධාරණත්වය ඉටු කළ යුතුය‘ යන්න නඩුව විභාග කළ විනිසුරුවරයාට අමතක වී ඇතැයි අභියාචනාධිකරණ විනිසුරුවරු කීවේය.
‘යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමයි‘ යන ආප්තෝපදේශය මේ සිද්ධියට කදිම නිදසුනකියි විනිසුරුවරු කීහ.

