
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි)
නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ දී දෙදරු පියකු අමානුෂික ලෙස ලි මුගුරු හා යකඩ පොලුවලින් පහර දී තියුණු ආයුධවලින් කපා මරා දමා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නිලාන් ප්‍රියංකර ජයලත් නැමති දළුව නිර්මලපුර පදිංචි 30 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වු පුද්ගලයා 30 දින සවස දළුව ක්‍රීඩාංගනයෙ ක්‍රීකට් ක්‍රීඩා කරමින් සිටියදී පුද්ගලයකු සමග ඇතිවු බහින් බස් විමකින් පසුව ගැටුමක් ඇති කරගෙන තිබු බව කියයි.
ගැටුමේන් පසු එදිනම රාත්‍රියෙ ඝාතනයට ලක්වු තැනැත්තා මෙම ඝාතනයෙ ප්‍රධාන සැකකරුගෙ නිවස අසලට ගොස් සිටියදී ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතකු එක්වි ලී මුගුරුවලින් හා යකඩ පොලුවලින් අමාන්‍රෂික ලෙස පහර දි තියුණු ආයුධවලින් කපා දමා තිබු බව පොලිසිය කියයි.

