දෙතැනක දී තුවක්කු තුනක් අල්ලයි


අලුත්ගම පාදාගොඩ දී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කරනු ලැබූ සෝදිසියක දී මෙරට නිපදවූ බෝර 12 තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදනය කළ පිස්තෝලයක් උණ්ඩු හතරක් සමග අත්අඩංගුවට ගත් බවත් ඒවා සන්තකයේ තබාගෙන සිටි බවට සැකපිට 75 හැවිරිදි පුද්ගලයකු අත්ඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය පවසයි.

කළුතර දිසා අපරාධ ඒකකය විසින් බුලත් සිංහල දෙල්මෑල්ලේ දී 42 හැවිරිදි පුද්ගලයකු බෝර තුනක තුවක්කුවක් හා උණ්ඩ හතරක් සමග අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය සඳහන් කරයි.