දෙකෝටියක් පාසලේ හොර පාරක


කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙම වසරේ පහ ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයකට අධික මුදලක් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට බැර කරවා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කර ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.

ජනවාරි 12 වැනි දා සිට ජනවාරි 21 වැනි දා දක්වා රජයේ බැංකු ශාඛාවක ගිනුමකට එලෙස මුදල් තැන්පත් බැර කරවාගෙන ඇතැයි රිසිට්පත් ද ඇමුණුම් ලෙස ඉදිරිපත් කරමින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම පහ ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ මගින් දැනුම් දී තිබිය දී මෙම වසරේ පහ ශ්‍රේණියට ද සිසුන් හත් දෙනකු ඇතුළත් කර ඇති බවත්, ගෙවුණු මාස 18 ඇතුළත ළමයින් 1100ක් අමතර පන්තිවලට ඇතුළත් කර ඇති බවත්, මේ නිසා ඇතැම් පන්තිවල සිසුන් සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.