දෙකෝටියක රන් බැනියම අස්සේ


රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන්  ආභරණ තම බැනියම් අස්සේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 4.2 කි.

සැකකරුවෝ ජෙ‍ට් ගුවන්සේවයට අයත් එස්.ජී 004 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් ඔවුන් අල්ලා රේගුවට බාර දී ඇත.