ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එක් එක් වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යොමු කිරීමටත් විමර්ශන කඩිනම් කිරීමටත් එකඟතාවයකට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
‘ අප විසින් පසුගිය කාලයේ අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. ඒ පිළිබදව අප ජනාධිපතිවරයා සමග කරුණු ඉදිරිපත් කළා. ‘ යැයි ඔහු පවසයි.

