දූට ශිල්ප දෙන්න ලෙඩ පියා මලු විකුණයි:දුව පියා ගැන පොතක් ලියා විකුණයි


ගලේවෙල දඹේවටන 2,පදිංචි ඩබ්ලිව්.ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ .පො .ස උසස්පෙළ විභාගය සදහා කුරුණෑගල ඉබ්බාගමුව පාසලේ ඉගෙනුම ලබන්නීය.

තම පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් එසේ තිබියදී ඔහු මලු විකුණා තමන්ට සහ නැගණියන් දෙදෙනා මව ජිවත් කරවන බව කියන්නීය . තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ හා නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට ‘අප්පච්චි සහ තවත්’ කතා නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයා ගන්නා බව කියන්නීය .

තමන්ගේ පොත අලෙවි කර ගැනීමට උත්සයක යෙදී සිටියදී ඇය අපට හමුවිය.අප දියණියගේ නිවසට යනවිටත් පියා මලු වෙළදාමේ ගොස් සිටියේය.මව හා පාසල් යන තවත් කුඩා දියණියෝ දෙන්නා ද අක්කාට  තුරුලු වී සිටියහ.

ශෂිකලා නුවන්ගි මධුමාලී නමින් ගලේවෙල මහජන බැංකුවේ ගිණුමක් ද විවෘත කැර තිබේ.ගිණුම් අංකය 115-2-001-6-0001547

Swift code : PSBKLKLX  , Branch  code :115 , දුරකථනය -0665619536

dambulla3

dambulla4

dambulla1