දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක්


අම්පාර බණ්ඩාරදූව විදුහලට සියලු පහසුකම් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍යංශයෙන් පරිත්‍යාග කැරිණි. ඌව වෙල්ලස්ස කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස බිහිවු මේ ගම්මානය දර්ශනීය කඳු පන්ති රාශියකට හිමිකම් කියයි.

‘දැයට කිරුළ 2013’ ප්‍රදර්ශනයට සමගාමීව රුපියල් අසූ ලක්ෂයක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් විවෘත විය.

‘අපි ගමේ දරුවන්ට ඉදිරියට යන්න අවස්ථා නිර්මාණය කර දිය යුතුයි’ බණ්ඩාරදූව වැනි අඩු පහසුකම් සහිත පාසලක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් ආචර්ය චරිත හේරත් ඇතුළු කාර්ය මණ්ඩලයට ඇමති සිය ස්තූතිය පිරිනැමුවේය.

ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍යංශය මඟින් ව්‍යාපෘති දෙකක් අම්පාරට ලබාදුන් අතර මෙවන් සුන්දර ගමක පාසලක් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බව ආචර්ය චරිත හේරත් කීවේය.

තවද විදුහ‍ලේ ඉගනුම ලබන සිසුන් 300 දෙනෙකුට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව‍්‍ය සහිත තෑගි පාර්සලය බැගින්ද පිරිනැමිණි.