දුෂණ කොමිසමේ ලේකම් අද හෙට


ශ්‍රී ලංකාවේ බරපතල වංචා දුෂණ ,රාජ්‍ය සම්පත්  අනිසි ලෙස භාවිතය පිළිබඳව  පත් කර  තිබෙන ජනාධිපති කොමිෂන් සභාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ  ස්ථාපිත කැර ඇත.

මේ හා සම්බන්ධ ගැසට් නිවේදනය ළඟදීම නිකුත්  කිරීමට නියමිතය.කොමිෂන් සභාව සඳහා ලේකම්වරයකු පත් කිරීම ප්‍රධාන  කර්තව්‍යක් වන හෙයින් එම පත්වීම් දින කිහිපයකින්  සිදු වීමට නියමිතය.පරිපාලන සේවාවේ  අයකු ඒ සඳහා පත් කරනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසමට පත් කරන ලදි.