තම දෙහැවිරිදි දරුවා ඉතාලියේ පලෙර්මෝහිදී තුන්වැනි තට්ටුවේ බැල්කනියෙන් එළියට දැමූ ශ්‍රී ලාංකික මවක ආතතියෙන් පෙළෙතියි ඉතාලි වෛද්‍යවරු කියති.
වහළක් මතට දරුවා වැටීම නිසා දරුවාගේ පණ බේරී ඇත.
මව ද (37)තුන්වැනි තට්ටුවෙන් බිමට පැණ ඇතත් ඇය ද වහළක් මතට වැටීමෙන් සුළු තුවාල ලැබීය. දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
තම දියණිය මරා දැමීමට තැත් කළැයි මවට එරෙහිව පලෙර්මෝ උසාවියේ නඩුවක් පවරා ඇත.
තම දියණිය බැලීමට අවශ්‍ය බව ඇය නිතරම කියතියි ඇගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ. දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල කියයි.