දුව පැහැරගත්තැයි පියා කාරයේ වහලට නගී


මහනුවර දළදා වීදියට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙක් ඔහුගේ රථයේ වහලයට නැඟ සිටියේය. කඩුගන්නාව ලගමුවේ පදිංචි විල්බට් දයානන්ද නැමති එම පුද්ගලයා කියා සිටියේ ප්‍රබල දේශපාලනාඥයකුට අයත් බව කියන කාරයකින් පසුගිය විසිනව වැනි දින  පැමිණි පිරිසක් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවයි.  ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසියට පැමිණිලි කළත්  මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් ඔහු පවසයි.