දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් පන්දහසේ හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝට්ටේ මහින්දාරාම පාරේ පාසල් පටුමගේ ඇගළුම් විධායක එච් ඒ ක්‍රිෂාන්ත ට්‍රෝලීන් පෙරේරා (48) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 3 වැනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබීය.
එන්ගලන්තයේදී උපාධීය ලැබු බව කියන පෙරේරා 2000 දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔහුගේ දෙමහල් නිවසේ තිබු ලැප්ටොප් පරිගණකය ,ප්‍රින්ටරය,ඩොන්ගලය, හා කටරය අත්අඩංගුවට ගත් බවත් පොලීසිය අධීකරණයට දැන්වීය.
ඔහුගේ නිවසින්ද රුපියල් පන්දහසේ හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව පොලීසිය කියා සිටියේය.
දුලාංජලී ජයකොඩි මහත්මිය බැංකුවේ තැන්පත් කිරීමට පන්දාහේ නෝට්ටු ගෙන ගිය බණ්ඩල දෙකේම රුපියල් පන්දහසේ හොර නෝට්ටු 403ක් තිබූ බවත් එයින් පෙනෙනුයේ ඇය එම මුදල් ගණන් නොකළ බවත් යැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක පවසයි.
මාධ්‍යවේදියෙක් :- හොර නෝට්ටු ගෙන ගියා නම් හොර නෝට්ටු ගෙන යන පුද්ගලයා අත්අඩංගුවට නොගන්නේ ඇයි?
මාධ්‍ය ප්‍රකාශක:- තමන් ගෙන යන්නේ හොර නෝට්ටු යැයි ඇයට චේතනාවක් නොතිබූ බව පේනවා. ඒ නිසයි ඇය මුදා හළේ.
2014 දී රුපියල් පන්සියයේ හොර නෝට්ටු 2838 සංසරණයට එක්කර ඇති බව එයින් සොයාගෙන ඇත්තේ හොර නෝට්ටු 426 ක් පමණක් බවත් ඔහු කියයි.
පහත අංක ඇති පන්දහසේ නෝට්ටු වලින් ගනු දෙනු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

