ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සිය දියණියන් දෙදෙනා වන මලියා (14) සහ සාසා (11) ට අවවාදයක් දුන්නේය.
මේ දින වල විලාසිතා රැල්ලක් මෙන් තරුණ පෙළ අතර හමා යන ‘‘පච්චා කොටා‘‘ගැනීමේ කලාව ගැනයි.
දියණියන් දෙදෙනා කිසියම් දිනක ඔවුන්ගේ පච්චා කොටාගත හොත් තමා තම බිරිද වන මිචෙල් සමඟ එම ස්ථානයටම ගොස් දියණියන් එම පච්චා කොටා ගත් ස්ථානයේම එම පච්චයම කොටා ගන්නා බව පවසා තිබේ.
එතැනින්ද නොනැවතී ඔබාමා අතුළු පවුලේ හතර දෙනාම යු ටියුබ් වීඩීයෝවට පැමිණ එසේ කොටා ගත් පච්චය පවුලේ පච්චයක් ලෙස ලොවට පෙන්වන බවත් සිනාසෙමින් තම දියණියන්ට කී බව ජනාධිපති ඔබාමා ඇමෙරිකා රූපවාහිනියට කීය.
දියණියන් දෙදෙනාගේ මානසික සමබරතාවය රැක ගැනීම තම බිරිද මිචෙල් හොදින් ඉටු කරනා බවත් ජනාධිපති ඔබාමා එහිදී පැවැසීය.