හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලි ජයකොඩිට රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇතුළුකෝට්ටේ රෝලිත පෙරේරා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂ බැගින් වු ඇපකරුවන් සිව්දෙනකුගේ ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇගළුම් විධායකයකු වන සැකකරු ජයකොඩි මහත්මියට හොර සල්ලි දුන් බව පිළගෙන ඇතැයි ද ඔහු තවත් මුදල් හොරට මුද්‍රණය කැර ඇතැයි සොයා බලන බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු තවත් හොර සල්ලි මුද්‍රණය කැරන්නැයි ඔහුගේ නීතීඥවරු කීහ.
තම සැමියාගේ මව්පියන්ගේ ඉඩමක් විකුණා ලබා ගත් මුදල් ආයෝජනයක් ලෙස සැකකරුට දන් බවත් එම මුදල වෙනුවෙන් සැකකරු ඇයට සල්ලි මිටියක් දුන් බවත් ඇය එය පරීක්ෂා නොකැර කොළඹ මේට්ලන්ඩ් පදෙසේ බැංකුවක තැන්පත් කළ බවත් ඒ වන විට බැංකුවට පැමිණී සැකකරු ඇය චෙක් පතක් දී එම මුදල් ආපසු ඉල්ලා ඇතැයි ද දුලාංජලී ජයකොඩි මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එම මුදල් හොර නෝට්ටු බව බැංකු කළමණාකරු ඇයට පවසා ඇති බවත් ඇයට එම සල්ලි දුන් පුද්ගලයා ලෙස සැකකරු පෙන්වු බවත් ඇගේ කට උත්තරය පසුව ලියාගත් බවත් ජයකොඩි මහත්මිය පැවසී යැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

