කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර ආරම්භ කිරීමට පෙර චාරිත්‍රානුකූලව සධාතුක කරඬුවට පුද පූජා පැවැත්වීම කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඊයේ රාත්‍රී 8.30ට යෙදුණු නැකැතින් ආරම්භ විය.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා එම කරඬුව මංගල හස්තියා අසලට රැගෙන ඒමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කරඬුව කණ්ඩුල හස්තිරාජයා පිට තැන්පත් කරන ලදී.
අලි ඇතුන් ද උඩරට පහත රට නැටුම් ඇතුළු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම්වලින් පෙරහැර අලංකාරවත් විය.











