ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.
රතු දත්ත පොත අනුව අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැලෑ අශ්වයින් දැනට ලෝකයේ ඇත්තේ 800කට අඩු ප්‍රමාණයකි.
අශ්ව පැටියා වැස්සට තෙමිලා නිව්මෝනියාව හැදිල මිය ගිය බව සේවකයන් පැවසු බවද නමුත් මරණ පරීක්ෂාණ වාර්තාව පරීක්ෂා නොකර එසේ කිව නොහැකි බවත් සත්වෝද්‍යාන අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කීවාය.





