පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන් සිවි දෙනෙකු සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි සමන් ලියනගම මහතා කියයි.
අළු ගිරවා දැඩි ආරක්‍ෂිත පක්ෂීන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින පක්ෂියකු බවත් ජාතික වනෝද්‍යානයකදී හෝ දැක බලා ගැනීමට ඉතාමත් අසීරු පක්ෂියකු බවත් ඔහු කියයි.