විල්පත්තු වනාන්තරයේ උත්තුමඩු ආරු ඔය ආසන්නයේ පිහිටි ඇති අලි ගස හෙවත් බැඔබැබ් ගස ඔයට බිලිවීම වැඩි ඈතක නොවන බව පරිසරවේදීහු පවසති.
වියළි කාලයේ පැවැත්ම සඳහා විශාල වශයෙන් ජලය රැස් කර ගැනිමේ හැකියාව ඇති බැඔබැබ් ගසට ස්වභාව ධර්මයෙන් එම හැකියාව ලබා දී ඇත්තේ ඉඩෝරයට මුහුණ දිම සඳහාය. අලියා ඇතුළු වන සත්තු මේ ගසේ පොත්ත කෑමට බොහෝ කැමැත්තක් දක්වති. මෙම ගස පිහිටි පෙදෙස රක්ෂිතයක් බවට පත් කර ඇත. ගසේ උස මීටර් 7.5 ක් වට ප්‍රමාණය මීටර් 19.51 ක් ද වේ. මෙම ගස බැදීමට අඩු ගණනේ මිනිසුන් දාහතර දෙනෙකුවත් අවශ්‍ය වේ.
කුඹුරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගස දකුණු අප්‍රිකාවේ , මැඩගස්කරය වැනි රට වල විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් වසර 1000 කට වඩා පැරණි මෙය ඉතිහාසයේ වෙළද ගනුදෙනු වලදී මෙම ප්‍රදේශයට පැමිණි විදෙස් වෙළදුන් මෙම ගස රෝපණය කරන්නට ඇතැයි ජනතාව විශ්වාස කරයි.
කඩොලාන ශාක ආසන්නයේ ඇති මෙම ශාඛය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ රැසක් එති. මන්නාරම් නගරයේ ද බැඔබැබ් ගස් ඇත.
විල්පත්තු වනාන්තරයේ ඇති බැඔබැබ් ශාකය
යාපනයේ ඇති බැඔබැබ් ශාකය






