දුරස්වෙලා යළි ළංවුණු ‘ප‍්‍රථම පේ‍්‍රමය’


     SAN_7787  SAN_7839

 

නංගී ඔයා කොහොම හරි විශ්වවිද්‍යාලයට යන්න  ඕනෑ. සිරිමල් එසේ කීවේ ඇවැස්ස නෑනා වන සිතාරාටය.
‘මේ ඇස් පේන්නේ නැති මං කොහොමද අයියේ එහෙම යන්නේ, අයියා මං වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. මං මේ විදියටම ජීවත් වෙන්නම්.’
මේ දිනවල වැඩි දෙනෙක් කතා වෙන්නේ මේ සිතාරා සහ නෙතු අද්දර නාට්‍ය ගැනය.  ජනක චමින්ද අත්තනායකගේ අධ්‍යක්‍ෂණයෙන්. සුධර්මා නෙත්තිකුමාරගේ නිෂ්පාදනයෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන නෙතු අද්දර සිතාරා නමැති චරිතයට දායකව සිටින දිලිනි ලක්මාලී එක්ක අපි අද කතා බහට එක්වෙමු.

 

SAN_7723

button මේ ‘සිතාරා’ ගැන තවත් විස්තර කළොත්?
ඇය දුෂ්කරම පළාතක වෙසෙන තරුණියක්. ඇයගේ ඇස් පෙනෙන්නේ නැහැ. ආච්චි අම්මා තමයි ඇයට සිටින්නේ. ඇයගේ මස්සිනා වන සිරිමල් අයියා ඇයට ගොඩක් උදව් කරනවා. සරසවි යාමට ලැබුණත් ආර්ථික අපහසුතා නිසා යන්න වෙන්නේ නැහැ. ඇයට ගායන හැකියාව තිබෙනවා. එයින් ඉදිරියට යෑම ඇයගේ අරමුණයි. මේක ඇත්තටම හරි ලස්සන කතාවක්.

 


button ඒ කතාව ලස්සනයි වගේම, රූගත කළ ප‍්‍රදේශයත් හරිම ලස්සනයි නේද?
හරිම ලස්සන ප‍්‍රදේශයක් වන රිවර්ස්ටන් හි තමයි එහි රූගත කිරීම් සිදුකළේ. අපි නතරවෙලා හිටිය තැන ඉඳලා රූගත කිරීම් සිදු කළ තැනට කිලෝමීටර 10ක් විතර දුර යන්න තිබුණා. උදේ පාන්දර අවදිවීම දුෂ්කර වුණේ අධික ශිතල නිසයි. ශීතල දරාගන්න පුළුවන් වුණත් කූඩැල්ලන්ගෙන් තමයි අපට ලොකුම හානිය වුණේ. කූඩැල්ලන් එල්ලූනාම කෑ ගහපු කෑ ගැහිල්ලට මුළු පළාතේම මිනිස්සු බය වුණා.

 


button වතාවක් නාන්න ගිිහින් ගිලෙන්න ගියා කියන්නේ. 
දියේ ගිලෙන්න ගියේ නැහැ. එක් දර්ශනයකදී උදෑසනම දිය නෑමට තිබුණා. දිය නෑම කෙසේ වෙතත්. අයිස් නෑම කිව්වොත් හරි. ඒ තරමට ශීතල වුණා. ඒ නිසා අධ්‍යක්‍ෂවරයා ඉක්මණින් ඒ දර්ශනය රූගත කරන්න උපදෙස් දුන්නා. නමුත් වෙව්ලිල්ල නවත්වාගත්තේ කෝපි කෝප්ප කීපයක්ම පානය කරලයි.

 


buttonහොල්මන් වලටත් බය වුණාලූ. රිවස්ටන් පළාතේ හොල්මන් තියෙනවාද?
අපි නතර වෙලා හිටපු තැන පනින ගෙම්බෝ හිටියා. උන්ගේ ඇස් හරි ලොකුයි. හොල්මං වගේ තමයි රාත‍්‍රියට පෙනෙන්නේ. උන් ඇඟට පනීවි කියලා මම ගොඩක් බය වුණා. ඉතින් මගේ තනියට මා එක්ක ගිහින් හිටියේ අපේ සීයා. සීයා ඒ ගෙම්බන් ටික අයින්කරලා දුන්නාම තමයි මගේ බය නැතිව ගියේ.

SAN_7747

 


button මේ විදියට අත්දැකීම්  ලබමින් ටෙලිනාට්‍ය රංගනයේ යෙදෙන ඔබගේ ගෙවීගිය කාලය ගැන හිතන්නේ කොහොමද?
පසුගිය ටෙලි සම්මාන උළෙලකදී ‘පුරකලනි’ නාට්‍යයේ රඟපෑම නිසා කුසලතා සම්මානයක් ලැබුණා. ඒක මගේ රංගන ජීවිතයට වටිනා දෙයක්.

 


button තවත් වටිනා දෙයක් ජීවිතයට සමීපව තිබෙන නිසා ගොඩක් සතුටින් නේද ඉන්නේ?
ඔය අහන්නේ ආදරයනේ. ඔව්. ඒක රහසක් නොවෙයි. බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. ඒක හංගන්න මට  ඕනෑ නැහැ.

 

SAN_7767

 

 


button ඒ ආදරය ගැන හිතන්නේ කොහොමද?
සෑම කෙනෙකුටම ආදරය පිළිබඳ මතක සටහන් තියෙනවා. සුන්දර අත්දැකීම් තියෙනවා. මම ජීවිතේ ප‍්‍රථම වතාවට ආදරය කළ කෙනාටම දෛවය මාව යොමු කළා. ඒක එක අතකට හරි පුදුම දෙයක්. ප‍්‍රථම පේ‍්‍රමය සමහර විට විරහාවක් වෙනවා. නමුත් මගේ ප‍්‍රථම පේ‍්‍රමය කාලයක් දුරස්ව තිබුණා. දැන් කවදාවත් ආයෙත් ජීවිතයෙන් දුරස්ව නොයන තරමට අද මගේ ජීවිතයට සමීප වෙලා. මගේ ජීවිතයේ ලොකුම හෙවනැල්ල වෙලා. මම ඒ පේ‍්‍රමයට ගෞරවනීයයි.

 


button ඒ ප‍්‍රථම පේ‍්‍රමය දුරස්වෙලා තිබුණේ ඇයි? නැවත සමීප වුණේ කොහොමද?
පළවැනියට මට ආදරයක් දැනිලා ආදරය කළේ එයාට. විටෙක බාහිර ප‍්‍රශ්න නිසා අපි දුරස්ව හිටියා. නමුත් මට අන්තිමට ලැබුණේ මගේ ප‍්‍රථම පේ‍්‍රමයයි.

 

SAN_7778-cover

 


button ඔහු සහ ඔබ ගැන හිතන්නේ කොහොමද?
දිලිනි ලක්මාලි සාමාන්‍ය විදියට ජීවත්වෙන සරල තරුණියක්. ඔහු දැනට විදේශගත රැුකියාව කරන්නේ. නමුත් එයත් හරිම සරලයි.

 


button ඔබ නිතර නිතර විදෙස් සංචාරවලට යන්නේ එයා නිසාද?
පසුගිය වසරේ දකුණු කොරියා ගියේ සංගීත ප‍්‍රසංග වලට සහභාගී වෙන්නයි. පර්පල් රේන්ජ්ලා එක්ක දකුණු කොරියාවේදී ප‍්‍රසංග හතරකට එක්වුණා. ඇත්තටම ගායනයට ආරාධනා ලැබෙන නිසා තමයි විදෙස්ගත වෙන්නේ.

 


button ‘නෙතු අද්දර’ හැර තව මොන නාට්‍යවලද රඟපාන්නේ?
බෙනට් රත්නායක මහතාගේ නිෂ්පාදනයෙන්, රජීව් ආනන්ද අධ්‍යක්‍ෂණයෙන් විකාශය කෙරෙන වී ඕසී (VOC) නාට්‍යයේ රඟපානවා. එහි මම රඟපාන්නේ ‘චමත්කා’ කියන චරිතයයි.  

SAN_7804

sadun-gamage